ඉන්දීයාවෙන් උතුරට දුම්රියක්

Share

ඉන්දියාවේ සිට ගෙන එන ලද නවීන පහසුකම්වලින් යුක්ත වූ දුම්රිය මැදිරිය ඊයේ දින උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ සිට යාපනය කන්කසන්තුරෙයි දක්වා අත්හදා බැලීමේ පරික්ෂාවකට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබුණි.

ඉන්දියාවෙන් ගෙන එන ලද නව දුම්රිය බලවේග කට්ටලය මෙරට දුම්රිය මාර්ගයේ ධාවනයට සුදුසුද යන්න පරික්ෂා කිරීම සඳහා අත්හදා බැලීමක් වෙනුවෙන් ඊයේ (19) දින යාපනයට නව දුම්රිය ළගා විය.

නව දුම්රිය ධාවනය අත්හදාබැලීම සාර්ථක බවත් ඉදිරියේදී මගී ජනතාව වෙනුවෙන් නවීන පහසුකම් වලන් යුක්ත නව දුම්රිය එක් කිරීමට පියවර ගන්නා බවටද දුම්රිය දෙපාර්තමේන්තු බලධාරීන් වැඩිදුරටත් පැවසූහ.

Read more

Local News