පළාත් කිහිපයකට අදත් තදවැසි

Share

දිවයිනට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා, විශේෂයෙන් උතුරු මැද සහ නැගෙනහිර පාළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තාමේන්තුව පවසයි.

නැගෙනහිර, උතුර, ඌව, උතුර මැද සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

දිවයිනේ ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම නැගෙනහිර, උතුරු, ඌව, උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත්, මි.මී 75 පමණ තරමක් තද වැසි ඇති විය හැක.

දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අරත අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Read more

Local News