අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

Share

ලබන වසරේ පළමු මාස 04 සඳහා නව රජයේ අතුරු සම්මත ගිණුම අද(21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඊයේ(20) ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණි.

ලබන වසරේ පළමු මාස 04 සදහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1765ක් වෙන් කර ඇත.

ඉන් රුපියල් බිලියන 970ක් ණය සේවාකරණය හෙවත් පොලී සහ වාරික ගෙවීම වෙනුවෙන් වෙන් කර තිබේ.

Read more

Local News