රාජිතට GMOA විරෝධය

Share

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට නැවත වතාවක් සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග තීරණය කිරීමට හදිසි විධායක සභා රැස්වීමක් කැඳවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.

විධායක සභා රැස්වීම කැඳවන දිනය අද (21දා) උදෑසන තීරණය කරන බවත්, විධායක සභා රැස්වීමෙන් පසු මධ්‍යම කාරකසභා රැස්වීමක්ද කැඳවන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

රාජිත සේනාරත්න මහතා පසුගිය කාලයේදී සිදුකළ විවිධ ක්‍රියා නිසා ඔහුට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා නොදෙන ලෙස ඉල්ලා වෛද්‍යවරුන් දාහතරදහසකට අධික ප්‍රමාණයකගේ අත්සන් සහිත පෙත්සමක් ජනාධිපතිවරයාට භාරදී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

එසේ තිබියදී රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා දී තිබෙන බවත්, මේ නිසා සෞඛ්‍ය සේවාව තුළ රටට නොගැළපෙන දෙයක් සිදුවුවහොත් සෞඛ්‍ය අමාත්‍යවරයා පත් කළ පිරිස් විසින් එහි වගකීම භාරගත යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

Read more

Local News