මිලියන 23ක කේරළ ගංජා සමඟ අයෙක් STF බාරයට

Share

කිලිනොච්චි, පන්නණ්කඩ්ඩි ප්‍රදේශයේ නිවසක තිබි කේරළ ගංජා කිලෝග්‍රෑම් 153 යි ග්‍රෑම් 800 ක් සමඟ පුද්ගලයෙක් ඊයේ(20) පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සතුව තිබු මුදල් තොගයක් හා යතුරු පැදියක්ද අත්අඩංගුවට ගෙන ඇත.

එම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 23 කට අධික බවයි පාෙලීසිය සඳහන් කළේ.

සැකකරු කලෙක පටන් ගංජා ජාවාරමේ නිරතව සිටි පුද්ගලයෙකු බවද පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් හා කිලිනොච්චිය පොලිස් නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News