අතුරු සම්මත ගිණුම් විවාදයේදි මහින්දගේ අදහස්

Share

මේ වනවිට මුදල් ඇමති මංගල සමරවීර විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට අදාල පාර්ලිමේන්තු විවාදය පවත්වනු ලබන අතර මෙහිදි අදහස් දැක්වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) උපදෙස් අනුවම ක්‍රියාත්මක නොවී ජනතාවාදී වන ක්‍රියාකරන ලෙසයි.

එමෙන්ම බඩු මිල සහ බදු බර අඩු කරමින් රටේ ජනතාවට සහන ලබා දෙන ලෙසත් මහින්ද රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලා සිටියා.

පාලකයන් වශයෙන් මෙම සහන ජනතාවට ලබා නෝදීම පිළිබඳව නිදහසට කරුණු නොමැති බවත් මහින්ද රාජපක්ෂ මහතා වැඩ්දුරටත් පැවසුවා.

හිටපු ජනපතිවරයා වැඩ්දුරටත් පැවසුවේ තමන් ආණ්ඩුව භාර ගනිද්දි රට දැඩි අස්ථාවරභාවයක තිබූ බවත්, පසුගිය කෙටි කාලය තුල ජනතාවට සහන ලබා දීමට හැකි වූ බවයි.

Read more

Local News