පාෙලීසිය හා උද්ඝෝෂකයින් අතර ගැටුම් – 8ක් මරුට

Share

ඊසාන දිග සුඩානයේ පැවති උද්ඝෝෂණ වලදී පොලීසිය සමඟ ඇති වූ ගැටුම් වලින් උද්ඝෝෂකයින් 08 දෙනෙකු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉන්ධන හා පාන් මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් එම උද්ඝෝෂණ සංවිධානය කර ඇත.

සුඩානයේ, ගෙඩාරෙස් ප්‍රදේශයේදී රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයකට පොලීසිය එල්ල කළ ප්‍රහාර වලින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති අතර ඇට්බාරා ප්‍රදේශයේදී ද පැවති එවැනි උද්ඝෝෂණයකදී ද ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාර වලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

Read more

Local News