පාර්ලිමේන්තු ගැටුමට හේතු සොයන්න කමිටුව අදත් රැස්වෙයි

Share

පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල සිදුවූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ පොලිස් නිලධාරීන් කණ්ඩායම ඊට අදාළ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීම අද(21) දිනයේ සිදු කර තිබේ.

අද පස්වරුවේ පාර්ලිමේන්තුවේ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටුව රැස්විමට නියමිත බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.

එහිදි පෞද්ගලික මාධ්‍ය ආයතන මඟින් ලබාගත් දර්ශන එම කමිටුව විසින් පරීක්ෂා කිරීම සිදුකරන බවත්, අනතුරුව අදාළ කමිටුව විසින් සකස් කරන ලද අවසන් වාර්තාව කථානායක කරූ ජයසූරිය මහතා වෙත ලබාදීමට නියමිතයි.

පසුගිය 14,15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කථානායකවරයා විසින් කමිටුවක් පත් කරනු ලැබුවේය.

Read more

Local News