පැණි බීම බද්ධ වැඩි කරන බව රාජිත කියයි

Share

පැණි බීම සඳහා පණවා තිබූ බදු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා අද (21) රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛය අමාත්‍යවරයා,

“පැණි බීම බදු වැඩි කළේ ජනතාව දියවැඩියා රෝගයෙන් ආරක්ෂාර කර ගැනීමටයි. එම අඩු කල බදු මම වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කරනවා. ජනාධිපතිවරයාටත් මේ පිළිබදව දැනුම් දුන්නා. ඔහු ප්‍රකාශ කලා දන්නේ නැහැ කියලා. නමුත් මේවාට විරුද්ධව මම කටයුතු කරනවා.

මෙම වැඩපිළිවෙල නතර වෙලා තිබුනේ. ඖෂධ හිඟයක් අද රට පුරා නිර්මාණය වෙලා. මම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටින කාලයේ ඖෂධ හිඟයක් තිබුනේ නෑ.  සෞඛ්‍ය සංවර්ධන අරමුදලෙන් සැත්කම් සඳහා මුදල් ලබා දුන්නා. ඒ පිළිබඳව විගණකාධිපති පරික්ෂණ පවා ආරම්භ වුනා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීන්දු තීරණ කඩිනමින් ලබාගත යුතුයි. මනුස්සකම තිබිය යුතුයි. විගණකාධිපතිවරයාට මම පෙන්වා දුන්නා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීන්දු තීරණ ඉතා කඩිනමින් ලබාගන්න අවශ්‍ය බව.

මේ මට්ටමින් තමයි අප දේශපාලනය කරන්නේ පහුගිය දින 53ක කාලය තුළ මගේ දූෂණ, වංචා, හොරකම් සොයන්න කියා පරීක්ෂණ ආරම්භ කලා. මම ඒවට බය නැහැ. ඕනෑම පරීක්ෂ ණයක් ආරම්භ කරන්න. මම හොරකම් කරලා නැහැ. පසුගිය කාලය තුළ මම සිදු කළේ අහිංසක රෝගී ජනතාව වෙනුවෙන් සේවය කිරීම පමණයි.

මම කීවා මෙය පොඩි විවේකයක් කියලා. ඒ විවේක කාලයෙන් පස්සේ රජයක් එනවා කියලා කීවා. ඔබලා මට උදව් කලා. නමුත් මම ආරම්භ කල වැඩපිලිවෙළ මේ වන විට කඩාකප්පල් වී තිබෙනවා.

මහරගම අපේක්ෂා රෝහලට අද සිට රෝගීන් ඇතුලත් කර ගන්නේ නෑ. ඖෂධ හිඟ නිසා. මිනිස්සු මැරුණට පස්සේ මම ඇමති වෙලා වැඩක් නෑ.

පිළිකා රෝගීන්ට නිරන්තරයෙන් ඖෂධ අවශයි. ඔවුන් මිය ගියාට පසුව මම ඇමති වෙලා වැඩක් නෑ. පසුගිය දින තුළ සිදු වූ ඛේදවාචකය නිසා තමයි අහිංසක ජිවිත විනාශ වුනේ. ආරෝග්‍යා පරමා ලාභා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ.

ජනතාවට උපරිම සෞඛ්‍ය සේවාවක් ලබා දෙන්න තමයි මම උත්සාහ කරන්නේ. දේශපාලන සදාචාරය ඉතාම වැදගත්. මේ සදාචාරය මට ලැබුනේ වමේ ව්‍යාපාරයෙන්. තීන්දු තීරණ ගන්න පුළුවන් මනුෂ්‍යත්වයක් තිබිය යුතුයි. එහි දි වැදගත් වෙන්නේ ප්‍රතිපත්තියයි.“

Read more

Local News