උදුවප් පුර පසළොස්වක පෝය අදයි

Share

උදුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට(22) යෙදී තිබේ.

බෞද්ධ ඉතිහාසයට අනුව උදුවප්පුර පසළොස්වක පෙහො දිනය ශ්‍රී ලාංකික බෞද්ධයින්ට අතිශය වැදගත් පොහොය දිනයක් ලෙස සැලකෙයි.

දේවානම් පියතිස්ස මහරජුගේ ආරාධනයට අනුව සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී මහ බෝධියේ දකුණු ශාකාව මෙරට වැඩම කර ඇත්තේ අද වැනි දිනකයි.

මෙරට මෙහෙණි සස්න ආරම්භවිම ද උදුවප් පොහොය දිනක සිදු වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි. මේ අතර ශ්‍රී පාද වන්දනා සමය ද අද සිට ආරම්භ වෙයි.

පුරා සය මාසක කාලයක් පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා වාරය ලබන වසරේ වෙසක් පුර පසලොස්වක පොහොය දිනයෙන් නිමාවට පත් වෙයි.

Read more

Local News