අදත් පළාත් කිහිපයකට තදවැසි

Share

උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇති විය හැකි බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද(22) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මේ අතර ඌව පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇති විය හැකි බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර උතුරු පළාතේත්, පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 75 පමණ තරමක තදවැසි ඇතිවිය හැක.

දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News