වෙනස් කල යුතු දෙයක් ගැන චම්පික කියයි

Share

රාජ්‍ය නායකත්වය පියාගෙන් පුතාට හිමිවන සංස්කෘතිය වෙනස්කළ යුතුබව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් සඳහන් කළේය.

වත්මත් රජය ඉතාමත් ස්ථාවර තත්ත්වයකින් පවතී. එළඹෙන ජනාධිපතිවරණයෙදී නිසැකවම තම පාර්ශවයෙන් ජනාධීපතිවරයෙකු පත් කර ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදි කරුණු හෙලි කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, කුසලතාවය මත පදනම්ව තනතුරු තබා දීමට කටයුතු කරන ක්‍රමවේදයක් රට තුල ගොඩ නගන බවයි.

Read more

Local News