දක්ෂිණ අධිවේගයේ තදබදයක්

Share

වසර අවසාන නිවාඩු සමය හේතුවෙන් මේ දිනවල අති විශාල රථවාහන ප්‍රමාණයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙයි.

එබැවින් අධිවේගී මාර්ගය තුළ රථවාහන තදබදයක් ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

එම නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන ධාවනයේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

කඩවත, ගාල්ල පින්නදූව සහ මාතර ගොඩගම යන පිටවීමේ දොරටුවල අධික රථවාහන තදබදයක් දක්නට ලැබෙන බවද මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

Read more

Local News