නිධන් ගන්න ගිය 6ක් අත්අඩංගුවට

Share

හිඟුරක්ගොඩ උණගලාවෙහෙර පන්සල අසල ඉඩමක බැකෝ යන්ත්‍රයක් යොදාගනිමින් පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොළොන්නරුව පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් සැකකරුවන් කඹුරුපිටිය, හිඟුරක්ගොඩ සහ උණගලාවෙහෙර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මේ අතර ඌරුබොක්ක කැකුන්දෙණිය දොළ රක්ෂිතයේ නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් මොරවක, වීරකැටිය, කැකුන්දෙණිය සහ ඌරුබොක්ක යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News