බවුසරයක් මාර්ගයෙන් ඉවතට පනියි (ඡායාරූප)

Share

අද (23) උදැසන 6.00 ට පමණ වේයන්ගොඩ සිට බගවන්තලාව දක්වා අධික වේගයෙන් ධාවනය වු බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරළි අනතුරක් සිදු වි තිබේ.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේදිය.

බගවන්තලාව ප්‍රදේශයේ සිට වේයන්ගොඩ ප්‍රදේශයට දියර කිරි රැගෙන යාම සඳහා බවුසර් රථය ධාවනය කරන අවස්ථාවේ බවුසරය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බව වාර්තා විය.

අනතුරෙන් බවුසරයේ රියදුරුට කිසිදු අනතුරක් සිදු වි නොවුනද අනතුරෙන් බවුසරයට දැඩි අලාභ හානි සිදු වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසීය.

අධික වේගය අනතුරට හේතුව වි ඇති බව ද පොලිසිය වැඩ්දුරටත් පැවසිය.

Read more

Local News