ගංජා මිශ්‍ර ඈෂ් ග්‍රෑම් 508ක් අත්අඩංගුවට

Share

ඊයේ (22) සවස 1.10ට පමණ බොරැල්ල පොලිස් වසමේ කාදර්නාන වත්ත ප්‍රදේශයේදී බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ගංජා මිශ්‍ර ඈෂ් ග්‍රෑම් 508ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු වයස අවුරුදු 35ක් වූ සර්පන්ටයින් පාර, බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (23) දින මාලිගාකන්ද ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

Read more

Local News