චීන, ශ්‍රී ලංකා සේවක ගැටුමක්

Share

චීන ජාතිකයින් 11 දෙනෙකු කොළඹ චැතම්වීදිය ප්‍රදේශයේ වැඩබිමක සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (22) දහවල් අදාළ වැඩබිමෙහි සේවය කරමින් සිටි චීන ජාතිකයින් පිරිසක් සහ මෙරට සේවකයින් පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බව පොලීසිය පැවසිය.

ගැටුමෙන් චීන ජාතිකයින් දෙදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවෙයි.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 11 දෙනාගෙන් නව දෙනෙකු  ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Read more

Local News