ඉන්දුනීසියාවට සුනාමියක් එයි

Share

ඉන්දුනීසියාවේ, සුන්ඩා සමුද්‍රසන්ධිය ආසන්න වෙරළ කලාපයේ ඇතිවූ සුනාමියකින් පුද්ගලයින් 20 දෙනෙක් මියගොස් තිබේ.

තවත් 165කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව එරට ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

මෙම සුනාමිය ඇතිවීමට හේතුව ඉන්දුනීසියාවේ පිහිටි “කරකාටෝආ ගිනිකන්ද” සක්‍රිය වීමත් සමග මුහුදු පත්ලේ සිදුවූ නාය යාමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ ආකාරයෙන් මුහුදු පත්ලේ සිදුවන නාය යාම් හේතුවෙන් ඇතිවන සුනාමි තත්ත්වයන් ඇති වීම ඉතා දුර්ලභ බව විද්‍යාඥයින් සඳහන් කර ඇත.

ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දුපත් අතර මෙම කලාපය පිහිටා ඇති අතර අද (23) අලුයම සිදුවූ මෙම සුනාමිය හේතුවෙන් සුන්ඩා ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි රාශියකටද හානි සිදුව තිබේ.

සුනාමි තත්ත්වය හේතුවෙන් සිදුවූ ජිවිත හානිය මේ දක්වා සම්පුර්ණයෙන් ඝණනය කර නොමැති බව එරට බළධාරින් සදහන් කරයි.

Read more

Local News