බස් ගාස්තු අඩුවෙයිද ?

Share

හෙට (24) දින ඩීසල් මිල අඩුවීමට සාපෙක්ෂව බස් ගාස්තුව 4%ත් 5%ත් අතර ප්‍රමාණයකින් අඩු කරන ලෙසට රජයට යෝජනා කරන බව බස් සංගම් සඳහන් කරයි.

එහෙත් අවම ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවද සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවසීය.

2%ක බස් ගාස්තු අඩුවීමකින් පසුව ඩීසල් ලීටරයක මිල අවස්ථාව තුනකදී රුපියල් 15කින් අඩුවී තිබෙන නිසා මගී ජනතාවට සහන සැලසිමට බස් ගාස්තුව පහළ දමන බවද ලංකා පෞද්ගික බස් සංගමය සඳහන් කරයි.

අදාළ යෝජනාව හෙට (24) දින ප්‍රවාහන අමාත්‍යවරයාට හා මුදල් අමාත්‍යවරයාට භාර දෙන බව පැවසීය.

Read more

Local News