සන්ධානයේ විධායක සභාව අද රැස් වෙයි

Share

අද (24) දින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව රැස්වීමට නියමිතව තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා සදහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 8.30ට විධායක සභාව රැස්වීමට නියමිත බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජිතයින්ට මේ සදහා ආරාධනා කර තිබේ.

සන්ධානයේ ඉදිරි කටයුතු පිළිබදව සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව මෙන්ම පාර්ලිමේන්තුවේ දී කටයුතු කරන ආකාරය පිළිබඳව මෙහිදි අවධානය යොමුකිරීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් ද අද පෙරවරුවේ පැවැත්විමට නියමිතව ඇත.

සන්ධානයේ විධායක සභා රැස්වීමෙන් අනතුරුව නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.

Read more

Local News