බස්ගාස්තු අඩු කරන්න සෑම පියවරක්ම ගන්නවා – අර්ජුන

Share

බස්ගාස්තු අඩු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

දැනට ඉන්ධන මිලෙහි පහළ යාමට සාපේක්ෂව මෙම බස් ගාස්තු අඩු කිරීමට කටයුතු කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

ඒ පිළිබද සාකච්ඡා වට කිහිපයක් ඉදිරි දින කිහිපයේදී අදාල පාර්ශ්ව සමඟ සිදු කිරීමට නියමිත බවද අනාවරණය කළේය.

එ් මහතා මේ බව පැවසුවේ ඊයේ (23) වේයන්ගොඩ ප්‍රදේශයේ පැවැති ක්‍රීඩා වැඩසහනකට එක් වෙමින් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍ර‍ශ්නවලට පිළිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන මිල සූත්‍ර‍ය ක්‍රියාත්මක කිරීමේ වාසිය දැන් මහජනතාවට හිමි වෙමින් පවතින බවත් එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍ර‍ශ්නවලට පිලිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ජානාධිපතිවරයා සමඟ ඉදිරි කටයුතු කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි.

ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් විශාල වගකීමක් තිබෙන නිසා එක එක්කෙනාගේ පුද්ගලික ප්‍රශ්නවලට වඩා රටේ අවශ්‍යතාවට වෙනුවෙන් ඒ දෙදෙනාත් අත්වැල් බැදගෙන ඉදිරියේදි කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා එහිදි පැවසීය.

Read more

Local News