ඉදිරි මාස 10 තුළ ආණ්ඩුව වැඩ කරන බව සජිත් කියයි

Share

ඉදිරි මාස 10 තුළදී ආණ්ඩුව වැඩ කළ යුතු බවත් එසේ නොමැතිනම් ගෙදර යා යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ කොලොන්නාවේ පැවැති වැඩසටහනකදීය.

ඒ මහතා වැඩ්දුරටත් අදහස් දක්වමින් පැවසුවේ “රණසිංහ ප්‍රේමදාස මහතාගේ නාමයෙන් මම කියනවා. එක්කෝ වැඩ ටික කරනවා. නැත්නම් මම නම් දමලා ගහලා ගෙදර යනවා. දෙකෙන් එකක්.

දූෂණ බෑ, වංචා බෑ, හොරකම් බෑ, මැරකම් බෑ,තාඩන පීඩන බෑ. මේ කියපු දේ අපි ක්‍රියාවට නංවන්න ඕන” බවයි.

Read more

Local News