පිළිකා ඖෂධ සියල්ල ගෙන්විමට රාජිතගෙන් උපදෙස්

Share

මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය පිළිකා ඖෂධ සියල්ල අද (24) දින රෝහලට ලැබීමට සලස්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

ඒ අනුව ඖෂධ හිඟය මගහැරවීමට හිඟ පිළිකා ඖෂධ ගුවන් මගින් මෙරටට ගෙන්වීමටත් තීරණය කර තිබේ.

රෝහල්වල පවතින ඖෂධ හිඟය පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් කැඳවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.

මහරගම අපේකෂා රෝහලේ නේවාසිකව සහ බාහිරව ප්‍රතිකාර ලබන රෝගින් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 05ක හිඟයක් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම්දී ඇති බව මෙම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.

ඖෂධ හිඟය හේතුවෙන් අපේක්ෂා රෝහලට රෝගින් ඇතුළත් කරගැනීම පසුගිය 21 වැනිදා තාවකාලිකව අත්හිටුවීමටද කටයුතු කර තිබේ.

Read more

Local News