ඇමතිධූර නොලැබීම ගැන ගැටලුවක් නැති බව මනූෂ කියයි

Share

ආණ්ඩුවේ ඇමැතිධූර අතහැර දමා පැමිණියේ වරප්‍රසාද අපේක්ෂාවෙන් නොවන බවත් ඇමතිධූර නොලැබීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ගාල්ලේදී ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩ්දුරටත් “මට ලැබුණ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙලා එදා මම තීරණයක් ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදය දිනවීම සදහාම පමණයි. අපට නැවත වතාවක් ඔක්තෝම්බර් 26 වැනිදාට  පෙර පැවති තත්වයට ගෙන ඒමට හැකියාව ලැබුණා. මම දැනටමත් දිනලා ඉවරයි.

ඇමැතිකම් දාලා ආපු මට තවත් තනතුරුවල අවශ්‍යතාවයක් නෑ. ඇමැතිකම් ගැනීමට නෙමෙයි අපිට අවශ්‍ය වුණේ. එහෙම ඇමැතිකම් අරගන්න උවමනාවක් තිබුණා නම් මම එදා ඇමැතිකමක් තියාගෙන ඉන්නවා. ඇමැතිකම් අතහැරලා විපක්ෂයට එන්නේ නෑ.” යැයි පැවසීය.

Read more

Local News