ලෝකයේ ලොකුම පුෂ්පය

Share

මල් වර්ග සිය ගණනින් පිපුණ ද ඒ කිසිඳු මලක් මෙම මලේ විශාලත්වය පැරද වීමට සමත්ව නැත.

ඒ අනුව ලොව මෙතෙක් වාර්තා වී ඇති විශාලතම පුෂ්පය වී ඇත්තේ රැෆ්ලේසියා ආර්නෝල්ඩී නම් පුෂ්පයයි.

පෙති 5ක් පවතින මෙම ශාකය හමුවනුයේ ඉන්දුනීසියාවේ වැසි වනාන්තර තුළ පමණී. සෙ.මී 106ක් පමණ විශාල මෙම මල කිලෝ 10 ක් බරැති ය.

මෙය මාංශ භක්ෂක ශාකයකි. මලේ සුවඳක් නොමැති අතර ඇත්තේ මළ සිරුරු වෙතින් වහනය වන දැඩි දුගඳකි. ඒ හේතුවෙන් බොහෝ කෘමීන් ප්‍රමාණයක් මෙම මලේ සුවඳ ආකර්ෂණයට පැමිණ එහි ගොදුරු බවට පත්වෙයි.

මෙහි නිජ භූමිය ඉන්දුනීසියාව වුව ද මෙම මල මැලේසියාව, බෝර්නියෝ, දකුණු තායිලන්තය, සුමාත්‍රා, ජාවා දූපත් වල ද බහුලව පවතියි.

Read more

Local News