පළමු විස්සයි20 තරගයේ සජිවී විකාශනය සියත TV හා සියත FM තුළින්

Share

අද පළමු විස්සයි20 තරගයේ තරඟයේ සජීවී විකාශනය සියත TV හා සියත FM තුළින් බලාපොරොත්තු වන්න.

ඒ අනුව ප.ව. 8.30 සිට සියත TV හා සියත FM තුළින් සජිවී ව එක්වන්න.

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර ඕවර 20 – 20 තරග තුනේ ප්‍රථම තරගය අද 26 දා අබුඩාබි සෙයඩ් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මේ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාය.

ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාව 2 – 0කින් ද එක්දින තරගාවලිය පාකිස්තානය 5 – 0 කින් ද ජයගෙන ඇති හෙයින් මෙම 20 -20 තරගාවලිය ද ජය ගැනීම කණ්ඩායම් දෙකේම අපේක්ෂාව වී තිබේ. ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා පවසන්නේ තමාට දක්ෂ තරුණ කණ්ඩායමක් ලැබී ඇති හෙයින් හොඳින් දක්ෂතා පෙන්වීමට අපේක්ෂා කරන බවය.

අෂාන් ප්‍රියංජන, මහේල උඩවත්ත, සධීර සමරවික්‍රම, දසුන් ෂානක පිතිකරුවන් ලෙසත් නායක තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, ජෙෆ්රි වැන්ඩසේ, සචිත් පතිරණ තුන් ඉරියව්වේම දක්ෂ ක්‍රීඩකයින් ලෙස ද සංචිතයට නම් කර තිබේ. ශ්‍රී ලංකා සංචිතයේ වේගපන්දු යවන්නන් සියල්ලම පාහේ තරුණ නවකයෝය. ළහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, විකුම් සංජය, ඉසුර උදාන හා චතුරංග ද සිල්වා ඒ පිරිස අතර සිටිති. කණ්ඩායමේ කඩුලු රකින්නා විනෝද් භානුකය.

දෙවන 20 – 20 තරගය 27 වැනිදා අබුඩාබියේත්, තෙවන තරගය 29 වැනිදා පාකිස්තානයේ ලාහෝරයේ පැවැත්වීමට නියමිතය.

Read more

Local News