උතුරු සාගරය රළු වෙයි

Share

උතුරු පළාතට බලපා ඇති වැසි සහිත තත්ත්වය මත උතුරු පළාත අවට සාගර කලාපය දැඩි ලෙස රළු වි ඇති බව පළාතේ ධීවර ජනතාව පැවසීය.

උතුරේ ධීවරයින් පැවසූවේ මන්නාරම සිට යාපනය හරහා මුලතිව් දක්වා වන වෙරළ තීරය එලෙස දැඩි ලෙස රළු වි ඇති බවයි.

මුහුද රළුවීම හේතුවෙන් ප්‍රදේශයේ ධීවර කටයුතු සිදුකිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවි ඇති අතර, වෙරළ සීමාවේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවද ධීවරයින් පැවසූහ.

ධීවර ජනතාව පැවසූවේ තමන්ගේ ධීවර යාත්‍රාව වෙරළෙන් ඔබ්බට ගෙනැවිත් රදවා ඇති අතර, වර්ෂාව තවදුරටත් පැවතියහොත් දැඩි අර්බුදයකට මුහුණදීමට සිදුවන බවයි.

Read more

Local News