එජාපය ජනපති සහය පතයි

Share

රටේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහය අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂය පැවසිය.

මේ බව මොණරාගල ප‍්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය

ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින්  එහිදී “ලබන අවුරුද්ද තමයි අපිට අධික වේගයකින් ජවයකින් වැඩ කරන්න වෙලා තියෙන අවුරුද්ද. අපි බලාපොරොත්තු වෙනවා දින 100 වැඩ කළා වගේ ජනතාවට අවශ්‍ය රැකියා සංවර්ධනය ලබලා දෙන්න. හවුල් ආණ්ඩුවලට වැඩිය තනි ආණ්ඩුවක් ගෙනියන එක වඩාත් සුදුසුයි කියලා අපි හිතනවා. අපි බලාපොරොත්තුවෙනවා එක්සත් ජාතික පක්ෂයේ ඡන්දයෙන් ගිය ජනාධිපතිවරයා මේවට අවශ්‍ය උදව්ව සහයෝගය ලබලා දෙයි කියලා.” යැයි පැවසීය.

Read more

Local News