තමන් පොහොට්ටුවේ සාමාජිකයෙක් බව රෝහිත කියයි

Share

තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

ඒ ගැන පැවසීමට තමන් බිය නොවන බවත් මේ දිනවල පොදුජන පෙරමුණේ නායකයන් විසින් මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම් සිදු කරන බවද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ද්විත්ව පුරවැසිභාවය ලබා තිබෙන බවට සාක්ෂි ලැබී තිබෙන බවයි.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රුපියල් මිලියන 5000,10000 බැගින් ලබාගත්  ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සිටින බවද ඔහු කීය. නව රජයේ ඇමතිවරුන් සංඛ්‍යාව 30ට වඩා වැඩි වුවහොත් අධිකරණ ක්‍රියාමාර්ගවලට පිවිසෙන බවද ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News