ප්‍රශ්ණ සියල්ල අමතක කරන බව GMOA කියයි

Share

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග ගැටලු සහගත තත්ත්වයක් පැවැතියත් උතුරේ ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන සැලසීමේදී එම ප්‍රශ්ණ සියල්ලම අමතක කර කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැවසීය.

වැසි ජලයෙන් හා ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවිමට වෛද්‍යවරුන් ස්වෙච්ඡාවෙන් සේවය කරන බවත් අවශ්‍ය තරමට වෛද්‍යවරුන් යොමු කිරිමට සූදානම් කර තිබෙන බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා සඳහන් කර තිබේ.

බෝ නොවෙන රෝග පාලනය කිරිමට අවශ්‍ය කටයුතු පවා සිදුකර තිබෙන බවද අද (24) දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News