දියයට සැඟවුණ තරුණ ජිවිතය

Share

අධික වර්ෂාවත් සමඟ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 30 න් 08ක් ඊයේ(23) විවෘත කරනු ලැබුවේය.

එහිදී තරුණයින් දෙදෙනෙකු රාජාංගන ජලාශයේ දිය නෑමට ගිය අවස්ථාවේදී එක් තරුණයෙකු ජල පහරට ගසාගෙන යාමෙන් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර, සාලියවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 ක් වන අයෙකි.

ඊයේ උදෑසන සිට සවස වනතුරු මියගිය තරුණයාගේ මළ සිරුර සෙවීම සඳහා කිමිඳුම්කරුවන් දැඩි පරිශ්‍රමයක් දරා ඇති අතර පසුව සිරුර සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

Read more

Local News