තමන් ජයග්‍රහණය කළ බව මනූෂ කියයි

Share

ඔක්තෝම්බර් 26 වැනි දින රටේ ඇතිවූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට එරෙහිව ආරම්භ කළ සටන පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති අගමැතිවරයෙක් හා ඇමති මණ්ඩලයක් පත් කරගැනීමත් සමඟ තමන් ජයග්‍රහණය කළ බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය.

එම නිසා මේ වන විට තමන් සිටින්නේ ජයග්‍රාහී මානසිකත්වයකින් බවද ඒ මහතා පැවසිය.

ආණ්ඩුවේ ඇමැතිධූර අතහැර දමා පැමිණියේ වරප්‍රසාද අපේක්ෂාවෙන් නොවන බවත් ඇමැතිධූර නොලැබීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් ගාල්ලේදී ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා පැවසුවේ නැවත වතාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන තැනකට රට අරගෙන එන්න හැකියාවක් ලැබුණු බවයි.

Read more

Local News