ශ්‍රිලනිපයේ ප‍්‍රතිසංවිධානය ජනවාරියේ

Share

අද (24) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු අතර හමුවක් ජනාධිපති මන්දිරයේ දී පවත්වනු ලැබිය.

පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සහ ප‍්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවත් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ලබන ජනවාරි මැද වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ජනපති මෙහිදි සඳහන් කළ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එමෙන්ම පුළුල් සන්ධානයක් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරි දේශපාලන කටයුතු සඳහා සූදානම් කිරිමට සියලු ආසන සංවිධායකවරුන් නායකත්වය ගෙන කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බව ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

Read more

Local News