විශේෂ පොලිස් මෙහෙයුමක් – රථ වාහන නඩු 5550ක්

Share

දිවයින පුරා සිදු කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී විවිධ වැරදි සම්බන්ධයෙන් 4035 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඊයේ(23) රාත්‍රී 10.00 සිට මේ දක්වා මෙම විශේෂ මෙහෙයුම සිදු කර අැත.

පොලිස් නිළධාරින් 17,728 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වූ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

එහිදී බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 1122ක්, වරෙන්තුකරුවන් 885ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, මෙම මෙහෙයුමේදී රථ වාහන වැරදී සම්බන්ධයෙන් නඩු 5550ක් පවරා ඇති බවයි.

Read more

Local News