ජලයට හසුවු ජිවිත රැසක් – PHOTOS

Share

කිළිනොච්චිය හා මුලතිව් පළාත් වල ජලයට හසුවීමෙන් කුකුළන්, එළුවන්, හරකුන් හා බල්ලන් විශාල ප්‍රමාණයක් මියගොස් තිබේ.

කුකුළු ගොවිපොළක් හා එළුවන් රැදී සිටි මඩුවක් ජල ගැලීම්වලට ලක්ව තිබු අතර ගොවිපොළ තුළ සිටි කුකුළන්, එළුවන් රැසක් මියගොස් සිටියහ.

යුද්ධයෙන් විපතට පත්ව කිළිනොච්චිය හා මුලතිව් ප්‍රදේශ වල යළි පදිංචි වූ වැසියන්ට ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා රජයෙන් හා රාජ්‍ය නොවන සංවිධාන වලින් වැඩි වශයෙන්ම ලබා දී ඇත්තේ හරකුන්, එළුවන් හා කුකුළන්ය.

එසේ ඇති කරන ලද කුකුළන්, හරකුන් හා එළුවන් සියල්ලම කිළිනොච්චි හා මුලතිව් පළාත් වල ජනතාවට අහිමි වී ගොස් තිබේන බවයි අප වාර්තාකරු පැවසුවේ.

Read more

Local News