ආණ්ඩුවට යන SLFP සාමාජිකයන්ට විනය ක්‍රියාමාර්ග

Share

ආණ්ඩුවට සම්බන්ධවීමට යන බවට සඳහන් කරන පක්ෂ සාමාජිකයන්ට විනය ක්‍රියාමාර්ග ගැනිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

ඒ බව එම පක්ෂ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.

එමෙන්ම විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉදිරි මධ්‍යම කාරක සභා රැස්වීමේදි කමිටුවක් පත්කරන බවත් ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිතුරු පෙරමුණ හෙයින් එයට සම්බන්ධ වී සිටින අයට විනය ක්‍රියාමාර්ග නොගන්නා බද අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.

Read more

Local News