වරාකැටිආර වැවේ ගිලී අයෙක් අතුරුදන්

Share

ඇඹිලිපිටිය, වරාකැටිආර වැවේ ගිලි පුද්ගලයෙකු අතුරුදන්ව තිබේ.

දියනාමට පැමිණී පිරිසක් අතර සිටි කුඩා දරුවෙකු දියේ ගිලෙමින් සිටියදී ඔහු බේරාගැනිම සඳහා ගිය පුද්ගලයෙකු මෙලෙස දියේ ගිලි අතුරුදන්ව ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.

දියේ ගිලි අතුරුදන්ව ඇත්තේ 33 හැවිරිදි වලස්මුල්ල, රන්මලකන්ද ප්‍රදේශයේ පදිංචිව පුද්ගලයෙකි.

ප්‍රදේශවාසීන් සහ නාවික හමුදා නිළධාරින් එක්ව අතුරුදන්වූ පුද්ගලයා සෙවිමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.

ඇඹිලිපිටිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News