උතුරට සහන දෙන්න විශේෂ ඇමතුම් අංක 2ක්

Share

උතුරු පළාතේ ගංවතුර හේතුවෙන් විපතට පත් වැසියන්ට සහන සැලසීමට උතුරට හා දකුණට විශේෂ ඇමතුම් අංක දෙකක් හඳුන්වා දී ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා පැවසීය.

මේ අනුව දකුණේ පරිත්‍යාගශීලීන්ට ගංවතුර ආධාර ලබා දීමට නම් කොළඹ බත්තරමුල්ල ,ජයන්තිපුර ලිලිමාවතේ පිහිටි උතුරු ආණ්ඩුකාර කාර්යාලයට පැමිණ හෝ එහි පිහිටුවා ඇති දුරකතන අංක 0112-883371 යන අංකයට හෝ උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පිහිටුවා ඇති දුරකතන අංක 021- 2219376 යන අංකයන් අමතා ඕනෑම අයෙකුට අධාර සැපයීමට අවස්ථාව ඇති බවට උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.

උතුරු ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් 75,000 කට ආසන්න ප්‍රමාණයක් විපතට පත්ව ඇත. ගංවතුර පහව ගියද ඉන් පසුව බරපතල තත්වයකට උතුරේ වැසියන් මුහුණ දෙන බවත් ඒ සනීපාරක්ෂක ගැටලුව වලින් විවිධ රෝගකාරකයන් වැලඳිය හැකි අතරම එම හේතුවෙන් වැසිකිලි කැසිකිලි පිරිසිදු කිරීම , පානීය ළිං පිරිසිදු කිරීම හානි වූ නිවාස පිලිසකර කිරීම, වෛද්‍ය පහසුකම් සැපයීම ඇතලු සනීපාරක්ෂක කටයුතු සිදු කිරීමටද මේ වන විට වැඩසටහනක් ආරම්භ කොට ඇති බවට සඳහන් වේ.

ඒ සඳහා යුද හමුදාවේ අඛණ්ඩ සේවය පසුගිය දිනවල මෙන් ඉදිරියටද බලාපොරොත්තු වන බවටත් උතුරු ආණ්ඩුකාර වරයා වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News