උතුරේ වැව් ප්‍රතිසංස්කරණයට හමුදා මෙහෙයුමක් – Photos

Share

උතුරු පළාතට බලපා ඇති ආපදා තත්ත්වයට හසු වීමෙන් කැඩී ගිය කිළිනොච්චි හා මුලතිව් පළාත් වල වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු යුද හමුදාව විසින් ආරම්භ කර තිබේ.

මුලතිව් පුදුකුඩිඉරිප්පු මරුදමඩු වැවේ කොටසක් කැඞීයාමේ අවදානමක් මතුව තිබු අතර, යුද හමුදා නිලධාරීන් මැදිහත් වී වැලි කොට්ට යොදා වැව් බැම්ම හා එම කොටස් ආරක්ෂා කිරීමට ද කටයුතු කර ඇති අතර කැඩී ගිය සෙසු වැව්ද ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මේ පළාත් වල වැව් ප්‍රතිසංස්කරණය කිරීමේදී අදාල ප්‍රදේශයේ දිසාපතිවරුන්ගේ හා වාරිමාර්ග නිලධාරීන්ගේ උපදෙස් හා මග පෙන්වීම් යටතේ ප්‍රතිසංස්කාර්ණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවටයි අප වාර්තාකරු පැවසුවේ.

Read more

Local News