බස්නාහිරට ඩෙංගු අධි අවදානමක්

Share

බස්නාහිර පළාතේ ඩෙංගු ව්‍යාප්ත වීමේ අධි අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඉකුත් දෙසැම්බර් 13 සහ 14 දිනවල සිදු කරන ලද සමීක්ෂණයකට අනුව එම කරුණු අනාවරණ වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. අදාළ සමීක්ෂණයේදී පරිශ‍්‍ර 57,657ක් පරීක්ෂාවට ලක්කර තිබේ.

ඉන් 21.6% ක් හෙවත් පරිශ‍්‍ර 12,471ක මදුරුවන් බෝවීමේ අවදානමක් පැවති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත‍්‍රික්ක 03හිම එම ප‍්‍රවණතාව පැවති බවද වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.

පරීක්ෂාවට ලක් කෙරුණු පරිශ‍්‍ර 1302 කින් මදුරු කීටයන් සොයාගෙන තිබේ.

ඉදිකිරීම් පරිශ‍්‍ර, ආගමික ස්ථාන සහ පාසල් ආශ‍්‍රිතව මදුරුවන් බෝවීමේ ඉතා ඉහළ අවදානමක් පැවති බවත් අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

මෙම තත්ත්වය අවම කර ගැනීමට එළඹෙන පාසල් වාරය ආරම්භ වීමට පෙර පාසල් පරිශ‍්‍රවල මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම අත්‍යවශ්‍ය වන බවද වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කරනු ලැබිය.

Read more

Local News