ජනතාව ජිවත් වෙන විදිය ගැන මහින්ද කියයි

Share

ජනතාව වර්තමානයේ ජීවත් වන්නේ ඉතා අසීරු තත්ත්වයකින් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ මොරටුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර බෙල්ලන්විල රජමහා විහාරයේ පැවති බෝධි පූජා පිංකමකටද විපක්ෂ නායකවරයා  පසුගියදා එක්විය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරයට පැමිණ එහි විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ 80වන ජන්ම දිනය වෙනුවෙන් පැවති ආශිර්වාද බෝධි පූජා පිංකමකට සහභාගී වු විය.

අනතුරුව මොරටුව නගර සභාව විසින් එම පරිශ්‍රෙයේ සංවිධාන කළ නත්තල් කලාපය විවෘත කිරීමද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කෙරිණි.

Read more

Local News