රත්නපුරයේ ඩෙංගු අඩුවෙයි

Share

2017 වසරේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන්ගේ අධි අවදානම් තත්වයක් වාර්තා වී අැත.

නමුත් මෙම වසරේ ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත අඩුවීමක් සිදුව ඇතැයි පෙන්නුම් කරන බව දිස්ත්‍රික් වසංගත රෝග අංශ ප්‍රධානී වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා පවසයි.

2015 වසරේ සිට වසරින් වසර ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමක් සිදුවී ඇත.

ඒ අනුව 2015 වර්ෂයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1081ක්, 2016 වර්ෂයේ 3086ක් හා, 2017 වර්ෂයේ 6800 ක් රෝගින් වාර්තා වෙමින් අධි අවදානම් තත්වයක් දිස්ත්‍රික්කයේ පැවතුණි.

නමුත් මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇත්තේ රෝගින්1991ක් පමණි.

Read more

Local News