සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 14 ක්

Share

සුනාමි ව්‍යසනය සිදුවී අද (26දා) වසර 14ක් ගත වී තිබෙන බවත්, ආපදාවන්ට ලක්වූ ජනතාව සිහිපත් කිරීම සඳහා උදෑසන 9.25 සිට 9.27 දක්වා වූ විනාඩි 02ක කාලය නිශ්ශබ්දතාව රැකීමේ කාලය ලෙස වෙන්කර තිබු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම හා පිං පැමිණවීම සඳහා අද ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම්කර තිබෙන බවත්, එම වැඩසටහනේ ජාතික උත්සවය ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සහ ජනතාවගේ සහභාගිත්වයෙන් අද උදේ පැරෑලිය සුනාමි ස්මාරකය අසලදී පැවැත්වෙන බවත් කියා සිටියේය.

මීට සමගාමීව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන මගින් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. 2004 දෙසැම්බර් 26 වැනිදා සුනාමි ව්‍යසනය සිදුවිණි.

Read more

Local News