පළාත් කිහිපයකට අදත් තදවැසි

Share

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඇතැම් ස්ථානවලට විශේෂයෙන් මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල මි.මී 100ක පමණ තද වැසිද බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසිද ඇති වියහැක.

බස්නාහිර වෙරළ බඩ ප්‍රදේශවල උදෑසන කාලයේද වැසි ඇතිවිය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News