පොලිස් අණ නොතකා ධාවනය වු වෑන් රථයට වෙඩි ප්‍රහාරයක්

Share

අද (26දා) අලුයම 1.30ට පමණ තංගල්ල කුඩාවැල්ල හංදියේදී පොලිස් අණ තොනකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය විසින් වෙඩි තබා ඇත.

ඊයේ(25) දිනයේ කුඩාවැල්ල ප්‍රදේශයේ දී සිදු වු මනුෂ්‍ය ඝාතන සිදුවීම් හේතුවෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම ප්‍රදේශය පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබිණි.

ඒ අනුව එම ආසන්නයේ මාර්ගයේ ගමන් කරමින් තිබු වෑන් රථයකට නැවැත්වීම සඳහා පොලිස් සංඥා ලබා දී ඇති නමුත් පොලිස් නිලධාරින් අනතුරට ලක්කර පලා යෑමට සුදානම් වන අවස්ථාවේ පොලීසිය වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.

එහිදී එක් පොලිස් නිලධාරීයෙකු විසින් වෑන් රථයට වෙඩි තබා ඇති නමුත් වෑන් රථය නොනවත්වා පලා ගොස් තිබේ.

වෑන් රථයේ අයිතිකරුවන් සොයා තංගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News