ද්විත්ව විශේෂ ත්‍රිපුද්ගල අධිකරණය සඳහා විනිසුරුවරුන් නම් කරයි

Share

විශේෂ ත්‍රිපුද්ගල අධිකරණ ස්ථාපිත කිරිමේ වැඩසටහන යටතේ දෙවන විශේෂ ත්‍රිපුද්ගල අධිකරණය සඳහා විනිසුරුවරුන් නම් කර ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පවසයි.

නව අධිකරණ පත් කිරීමේ දී ඉඩ පහසුකම් සම්බන්ධයෙන් සුළු ගැටළුකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව ද අමාත්‍යවරිය පැවසීය.

මේ රටේ පවතින දේශපාලන සංස්කෘතිය හේතුවෙන් රටට සේවයක් කිරීමට අනිවාර්යයෙන්ම ඇමතිධූරයක් අවශ්‍යයි. එසේ නොමැති වු විට ගැටළු රැසක් ඇතිවන බවත්, අමාත්‍යධුරයක් හිමි වු විට අවශ්‍ය පියවර ගැනීමට හැකියාව ඇති බව ද තලතා අතුකෝරාළ මහත්මිය පැවසීය.

Read more

Local News