මත්තලට අා ගුවන් යානයක ගින්නක්

Share

මත්තල ගුවන් තොටුපළින් ඕමානය බලා පිටත්වීමට සූදානම් වූ පෞද්ගලික ගුවන් යානයක එන්ජිමේ අද (26දා) උදෑසන හදිසියේම ගින්නක් හට ගෙන තිබෙන බවට වාර්තා වෙයි.

මෙය රුසියාවේ නිෂ්පාදිත ඇන්ටොනෝව් – 12 වර්ගයේ, එන්ජින් දෙකකින් බල ගැන්වෙන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි. මෙහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු කාර්යය මණ්ඩලය 07 දෙනෙකු සිට අැත.

ගුවන් යානය තායිලන්තයේ බැංකොක් සිට ඕමානයේ සලාම් ගුවන් තොටුපළ වෙත පියාසර කරමින් තිබියදී යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව, ඕමානය බලා පිටත්ව යෑමට සූදානම් වත්ම, එහි එක් එන්ජිමක කලු දුමාරයක් පිට කරමින් ගින්නක් හට ගෙන තිබේ.

ඒ සමගම මත්තල ගුවන් තොටුපළ ගිනි නිවීම් ඒකකය පැමිණ ,  මෙම ගින්න නිවා දමා තිබෙන බවටයි වාර්තා වන්නේ.

Read more

Local News