දුම්රිය වර්ජනය ගැන අවසන් තීරණය ?

Share

වැටුප් හා ශ්‍රේණි විෂමතාවන් මුල්කර ගනිමින් අද (26දා) මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය පිළිබඳ අවසන් තීරණය සවස 3.00ට ගන්නා බව දුම්රිය එංජින් රියදුරු සංගමය සඳහන් කරයි.

අදාළ ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරිට අවශ්‍ය බවට විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කරන බවද එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කරනු ලැබිය.

මේ නිසා වර්ජනය එක්වීමට නියමිත සංගම් රැස්වී අවසන් තීන්දුව ගන්නා බවත් වර්ජනය කිරීමට තීරණය කළහොත් මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 48ක කාලයක් සේවයෙන් ඉවත්ව සිටීම් වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවද කියා සිටියේය.

Read more

Local News