නාමල් උතුරේ සංචාරයක

Share

ඊයේ (25) දින උතුරු පළාතේ ගංවතුර හේතුවෙන් වැඩිම විපතට පත් වූ කිළිනොච්චිය හා මුලතිව්හි ජනතාව හමු වී ආධාර ලබා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සංචාරයක නිරත විය.

කිළිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේ පිහිටි සුභසාධන කඳවුරක් වෙතට ගිය නාමල් රාජපක්ෂ මහතා එහි සිටි වැසියන් සමග සාකච්ඡා කොට ජනතාවට හැකි අයුරින් ආධාර කරනු ලැබීය.

අනතුරුව මුලතිව් මණ්නාකණ්ඩල් ප්‍රදේශයේ පිහිටි සුභසාධන මධ්‍යස්ථානයක් වෙතට ගොස් එහි සිටි වැසියන් හමු වී ඔවුන්ට අවශ්‍ය වියලි ආහාර ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කල අතර එහි සිටි වැසියන්ටද හැකි අයුරින් ආධාර ලබා දීමට පියවර ගනු ලැබීය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසූවේ “අපි ආරාධනා කරනවා මේ රටේ සියලුම දෙනාට කිසිම පැකිලීමකින් තොරව ඔබ සියලු දෙනා එකතු වෙලා මේ විපතට පත්වෙලා ඉන්න ජනතාවගේ ජීවිත, නිවාස ගොඩනගන්න දරුවො පාසල් වෙතට යවන්න සෞඛ්‍ය පහසුකම් දෙන්න එදිනෙදා ජීවිතය ගොඩනගාගන්න එකතුවෙන්න කියලා. කැබිනට් අමාත්‍යංශයක හෝ නියෝජ්‍ය අමාත්‍යංශයක දිවුරුම් දීලා ලෝකේ වටේ සවාරි සංචාර යන්නැතිව මේ ජනතාවට උදව් කරන්නයි ඕන. මේ වෙලාවේදී කිසිම දේශපාලනඥයෙකුගේ පක්ෂයක් වැඩක් නැහැ මේ ජනතාවට උදව්වයි අවශ්‍ය කරන්නේ” යනුවෙනි.

Read more

Local News