සුඩාන විරෝධතාවට කදුලු ගෑස්

Share

සුඩාන ජනාධිපතිවරයාට එරෙහි පැවති විරෝධතාවක් විසුරුවාහැරීමට කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

ජනාධිපති ඔමාර් අල් බෂීර් එරෙහිව එතෙක් මෙතෙක් පැවැති විශාලතම විරෝධතාව මෙය වන අතර සුඩානයේ ජනාධිපති මන්දිරය සමීපයේ රැස්වෙමින් විරෝධතාවේ නිරතව සිටි දහස් සංඛ්‍යාත ජනතාව විසුරුවා හැරීමට ජල ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කර තිබුණි.

මීට සතියකට පෙර එරට විරෝධතා ආරම්භ වූයේ වත්මන් ආර්ථික අර්බුදය සහ ජනාධිපති ඔමාර් අල් බෂීර්ගේ වසර 30ක පාලනයට එරෙහිවය.

සතියක් තිස්සේ කාර්ටූම් අගනුවරට රැස්වූ විරෝධතාකරුවන් ජනාධිපති බෂීර්ගේ ආධාරකරුවන් හා  කාර්යාල ඉලක්ක කරමින් ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

විරෝධතා ගැටුම් දක්වා වර්ධනය වූයේ ඉන් කාර්යාල කිහිපයක් ගිනි තැබීමත් සමඟයි.

ඉන් අනතුරුව විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සහ අහසට වෙඩි තැබීමට පොලිසියට සිදු විය.

1989 වසරේදී හමුදා කුමන්ත්‍රණයකින් බලයට පත් බෂීර් ජනාධිපතිවරයා අප්‍රිකාව සහ මැදපෙරදිග අයත් කලාපයේ වැඩිම කාලයක් බලයේ සිටි පාලකයා වේ.

පාසල්, කාර්යාල වැනි රජයේ ස්ථාන ගිනිතැබු පිරිස් රාජ්‍ය විරෝධී පාවාදෙන්නන් ලෙසින් සලකන බව පවතින තත්ත්වය සම්බන්ධයේන මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් ජනාධිපති බෂිර් ප්‍රකාශ කර තිබේ.

29 වසරක බෂිර් පාලනයට එරෙහිව පැවැති දැවැන්තම විරෝධතාව මෙය ලෙසින් සැලකේ.

Read more

Local News